ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එල් චාපෝ ඉසිඩ්‍රෝ මෙක්සිකෝවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එල් චාපෝ ඉසිඩ්‍රෝ FBI හෙවත් අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයට මෙක්සිකෝවේ වඩාත්ම අවශ්‍යව සිටි පුද්ගලයින් 10 දෙනාගෙන්ද එක් අයෙක්.
මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගැනුනේ මෙක්සිකෝ ආරක්ෂක අංශ විසින් සිදු කෙරුණු විශේෂ මෙහෙයුමකදීයි.
එහිදී එල් චාපෝ ඉසිඩ්‍රෝ ට අමතරව තවත් පුද්ගලයින් 8 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහෙයුම අතරතුරදී සිදුවූ ගැටුම් හේතුවෙන් සැකකරුවන් 7 දෙනෙකු සහ මෙක්සිකෝ හමුදා සාමාජිකයෙකුද මියගොස් ඇති බවයි මේ පිළිබඳ වාර්තා කරන විදෙස් මාධ්‍ය පවසන්නේ.
අත්අඩංගුවට ගත් එල් චාපෝ ඉසිඩ්‍රෝ නමැත්තා 1990 දශකයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිට තිබෙනවා.
ඔහු කොකේන්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අමෙරිකාවට ද සැපයීම සිදුකර ඇති බවටයි තොරතුරු තිබෙන්නේ.




