හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඔක්තෝබර් මස 13 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට පොලීසිය දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මස 16 වනදා මැලේසියාව බලා පිටත්ව ගිය ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ඊයේ රාත්‍රීයේ යළි දිවයිනට පැමිණියා.

ඒ කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන් සඳහා වූ ගෝල්ඩ් රූට් පහසුකම භාවිතා කරමින්. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇය සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව පවුලේ සමීපතම ආරංචි මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

මේ අතර මැලේසියාව බලා පිටත්ව යාමට ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය කටුනායක ගුවන් තොටුපොල වෙත පසුගිය 16 වනදා පැමිණ සිටි අවස්ථාවේදී ද ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුම් දී තිබෙනවා.

කෙසේවෙතත් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ද ඉදිරිපත් කර තිබුණා.