Published
මට්ටක්කුලිය, සිරිවර්ධන පාර ප්‍රදේශයේදී ඈෂ් මත්ද්‍රව්‍ය, හෙරොයින් හා මත්පෙති සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරක් මත කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලිමකදීයි.
එම වැටලීමේදී ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 33යි ග්‍රෑම් 270ක්, හෙරොයින් ග්‍රෑම් 408ක්, මත්පෙති 200ක් සහ විකිණීම සඳහා සකස් කර තිබූ හෙරොයින් කෑලි 7,400ක් සොයා ගත් බවයි කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
මෙම සැකකරු අදාළ ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මට්ටක්කුලිය පොලීසිය මගින් ක්‍රියාත්මකයි.




