එයාර්බස් ගනුදෙනු චෝදනාවලට අදාළව සිදුකරනු ලබන විමර්ශන සදහා හිටපු මුදල් ලේකම් පී.බී. ජයසුන්දර මහතාගෙන් ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

සිය නිලධාරීන් කණ්ඩායමක් පී බී ජයසුන්දර මහතාගේ නිකවැරටිය ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් එලෙස ප්‍රකාශ සටහන් කරගත් බවයි අල්ලස් කොමිසම පැවසුවේ.

ඒ අනුව හිටපු මුදල් ලේකම්වරයාගෙන් පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

එයාර්බස් ගනුදෙනු චෝදනාවලට අදාළව සිදුකරනු ලබන විමර්ශන සදහා මීට පෙර තවත් කිහිප දෙනෙකුගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ සටහන් කර ගත්තා.