ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට අයත් 'වාසනා' හස්තිරාජයාගේ සෞඛ්‍යාරක්ෂාව සහ යහපැවැත්ම සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී දිවයිනේ ප්‍රධාන පෙරහර මංගල්‍යයන් සඳහා පමණක් එම හස්තියා සහභාගී කරවීමට තීරණය කර තිබෙනවා.

​රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක මහතාගේ උපදෙස් පරිදියි මෙම පියවර ගෙන ඇත්තේ.

​මීට පෙර දිගින් දිගටම දුර බැහැර ප්‍රදේශවල පැවති කුඩා පරිමාණයේ පෙරහර සඳහා හස්තියා ප්‍රවාහනය කිරීම, උන්ගේ සෞඛ්‍යයට සහ ජීවිතයට දැඩි තර්ජනයක් වී තිබූ බවයි වාර්තා වන්නේ.

​ඒ අනුව හස්තියාගේ නිදහස සහ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම සීමා කිරීම සිදු කර ඇති අතර, ඊට සියලු පාර්ශ්වවල සහයෝගය අපේක්ෂා කරන බව දේවාල මාධ්‍ය අංශය සඳහන් කළා.