ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසුවේ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දැමූ බවයි.

ඒ අනුව එහි නව මිල රුපියල් 407ක් වනවා.

සුපිරි ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 20කින්.

එහි නව මිල රුපියල් 478ක් වන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසුවේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් ‍495ක්.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දැමුණා. ඒ අනුව එහි නව මිල රුපියල් 434ක් වනවා.

ලංකා භූමිතෙල් මිල රුපියල් 20කින් ඉහළ දැමුණ අතර එහි .
නව මිල රුපියල් 285ක් බවයි වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් පැවසුවේ.