දිවයිනට පැමිණීමට නියමිත වියට්නාම් ජනාධිපති ටෝ ලම් මහතා හෙට (8)පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි.
ඒ වෙනුවෙන් අද සිට විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ ඒ අවට ක්‍රියාත්මක කරන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළා.
ඒ, පාර්ලිමේන්තුව ආරම්භයේදි කතානායකවරයාගේ නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.
මේ අතර සයිබර් අපරාධවලට එරෙහි නඩු කටයුතු අවසන් වන කාලරාමුවක් නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ එවැනි ඇතැම් නඩු කඩිනමින් අවසන් වුවද තවත් ඒවාට දීර්ඝ කාලයක් ගතවනු ඇති බවයි.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යොමුකර තිබූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
සයිබර් අපරාධවලින් කාන්තාවන් හා පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමටද විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර කර ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙහිදී අවධාරණය කළේ.




