Published
2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සදහා ජුනි මස 25 වනදා සිට අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ජූලි මස 7 වනදා දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ නැවත සමීක්‍ෂණය සදහා අයදුම් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා.
එම ප්‍රතිඵල සිය දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් පරීක්ෂා කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
2025 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිට තිබෙනවා.
එම විභාග මධ්‍යස්ථාන 3,547කදී පැවැත්වුණු බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.




