Published
ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මොන්ටානා ප්‍රාන්තයේ අවන්හලකයි මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි තැබීම සිදුකිරීමෙන් අනතුරුව සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
ඔහු සොයා දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.
මේ වන විට සැකකරු හදුනාගෙන ඇති අතර ඔහුගේ ඡායා රූපයක් ද මාධ්‍යට නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මොන්ටානා ප්‍රාන්තයේ නිරිත දිග ප්‍රදේශයේ ඇනකොන්ඩා නගරයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එම නගරයේ දසදහසකට ආසන්න පිරිසක් පමණක් වාසය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.