Published
වහාම ක්‍රියාත්මක වන පරිදි ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිළධාරීන් පිරිසකට ස්ථානමාරු ලබා දී තිබෙනවා.
ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේයි.
ඒ අනුව ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාව සිටි ජේෂ්ඨ පොලිස් අධිකාරී එච්. ඒ. ඩී. කේ. එස් පෙරේරා මහතා කොළඹ වංචා විමර්ශණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා ලෙස මාරු කර යවා තිබෙනවා.
ඔහුගේ ස්ථානමාරුවෙන් පුරප්පාඩු වූ ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යඏවරයා ලෙස පත්කර ඇත්තේ එම කොට්ඨාසයේම රාජකාරි සිදුකල පොලිස් අධිකරී ඩී. යූ. එල්. රත්නායක මහතායි.
ඊට අතරව පොලිස් අධිකාරීවරයෙකුට හා සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුටද වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථානමාරුවීම් ලබාදී තිබෙනවා.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් කිහිප දෙනෙකු හා පොලිස් පරීක්ෂකවරුන් කිහිප දෙනෙක්ද මෙලෙස ස්ථානමාරුවීම් ලැබූ නිළධාරින් අතරට අයත්.




