ආසියානු පැරා ක්රීඩා උළෙලේ ටී 46 මීටර් 1500 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාවේ ප්රදීප් සෝමසිරි අද සමත් වුණා.
ඔහු මෙම රන් පදක්කම දිනා ගත්තේ නව ක්රීඩා උළෙල වාර්තාවක්ද පිහිටුවමින්.
මෙහිදී ප්රදීප් සෝමසිරිගේ තරග නිමි කාලය විනාඩි 4යි තත්පර 3 යි දශම 2යි 5ක් වුණා.
මෙම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ ඉන්දිය ක්රීඩකයෙකු විසින්.
පිලිපීන ක්රීඩකයෙකු ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.
ප්රදීප් සෝමසිරි මෙහිදී දිනාගත් රන් පදක්කමත් සමග ආසියානු පැරා ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාව දැන් දිනාගෙන සිටින මුළු පදක්කම් ගණන 8ක්.
රන් පදක්කම් දෙකක් රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ඊට ඇතුළත් වනවා.
ක්රීඩා උළෙලේ කිසියම් වූ පදක්කම් දිනාගෙන සිටින රටවල් ගණන 31ක්.
ශ්රී ලංකාව එහි 16 වන ස්ථානයේ පසු වනවා.
ආසියානු පැරා ක්රීඩා උළෙල පැවැත්වෙන්නේ ජපානයේ අයිචි නගෝයාහිදීයි.




