එංගලන්තය, ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින  ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට පකිස්තානය ඊයේ රාත්‍රි සමත් වුණා.

ඒ, ශ්‍ර්‍රි ලංකා කණ්ඩායම සමග පැවති තරඟය ලකුණු 37කින් ජය ගනිමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 305ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍ර්‍රි ලංකා කණ්ඩායමට පන්දුවාර 48යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 268ක් පමණයි.