පොදුරාජ්‍ය මණ්ඩලීය කබඩි තරගාවලියේ පිරිමි රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

එහි රන් පදක්කම දිනා ගත්තේ සත්කාරක ඉන්දියාවයි.

ඉන්දියාවේ අහමාදාබාද් නුවරදි මෙම තරගාවලිය පැවැත්වුණා.

අවසන් මහා තරගය ඉන්දියාව ජයගත්තේ ලකුණු 54ට 20ක් ලෙසයි.

ඒ අනුව ඔවුන් රන් පදක්කම දිනා ගත් අතර ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිවුණා.

මෙම තරගාවලියේ කාන්තා රන් පදක්කම දිනාගත්තේ ද ඉන්දියාවයි. ශ්‍රී ලංකාව එහි ලෝකඩ පදක්කම දිනා ගත්තා.