බණ්ඩාරගම, කිඳිල්පිටිය - හිරන මාර්ගයේ අද සිදුවූ යතුරුපැදි අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ මොරටුව, මෝදර, ඉසුරුසිරි මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි හසිත් වෙනුෂ්ක පීරිස් නැමැති තරුණයෙක්.

ඔහු සිය මිතුරන් දෙදෙනෙකු සමඟ බිලියඩ් ක්‍රීඩාවේ නිරත වී ආපසු නිවස බලා යමින් සිටියදී ඔහු පැදවූ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගය අසල තිබූ අධිබලැති විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි බණ්ඩාරගම පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේදී අනෙක් මිතුරන් දෙදෙනා ද වෙනත් යතුරුපැදියකින් ඔහුට පසුපසින් ගමන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.