අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 427ක පවුල් 12,311ක් තවදුරටත් රැඳී සිටින බව ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ ආපදාවට ලක්වූවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 25,000ක අත්තිකාරම් මුදල ලබාගැනීමට පවුල් හාරලක්ෂ පනස් හයදහස් අටසිය හතලිස් හයක් සුදුසුකම් ලබා ඇති බවයි.
රජය විසින් ගෙවනු ලබන රුපියල් පනස්දහසේ දීමනාව පවුල් 3,665ක් සඳහා ගෙවා අවසන් කර ඇති බවත් එම දීමනාව ලබා ගැනීම වෙනුවෙන් පවුල් එක්ලක්ෂ හතලිස් හත්දහස් හයසිය විසි අටක් සුදුසුකම් ලබා සිටින බවත් ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා සඳහන් කළා.
මේ අතර අධි අවදානම් කලාපවල මේ වන විටත් පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පැවසුවේ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිදු කරන පර්යේෂණ සඳහා සැලකිය යුතු කාලයක් ගතවිය හැකි බවයි.




