02 වන ජාත්‍යන්තර ජනකළා උළෙලේදී රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ , ” මාත්‍රා” නර්තන කණ්ඩායම සමත් වී තිබෙනවා.

මෙම ජනකළා උළෙල තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වුණා.

එහිදී මෙම උළෙලේ හොදම නර්තන ශිල්පිනියට හිමි රන් පදක්කම ” මාත්‍රා ” නර්තන කණ්ඩායමේ මල්කි ඉමාෂා සහ හොදම නර්තන ශිල්පියාට හිමි රන් පදක්කම , මෙම නර්තන කණ්ඩායමේ මධුක කවිෂාන් විසින් ද දිනා ගැනීමට සමත් වුණා.

" මාත්‍රා " නර්තන කණ්ඩායම මෙම ජයග්‍රහණය හිමි කර ගැනීම සදහා උඩරට, පහතරට සහ සබරගමු නැටුම් සම්ප්‍රදායන්ගේ සංකලනයක් සහිත නර්තන නිර්මාණයක් ඉදිරිපත් කර තිබෙනවා.