අග්‍රාමාත්‍ය ධූරය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ ගැටලුවක් ආණ්ඩුව තුළ මතුව නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. ජාතික ජන බලවේගයේ සියලු දෙනා එකම කණ්ඩායමක් ලෙස රට ගොඩනැගීමේ වගකීම වෙනුවෙන් කැපවී සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. අග්‍රාමාත්‍ය ධූරයෙන් හරිනි අමරසූරිය මෙනෙවිය ඉවත් කර ගැනීමට ආණ්ඩුවේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ශ්වය උත්සාහ දරමින් සිටින බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා එම ප්‍රකාශය සිදු කළේ මෙලෙසයි.

මේ, එම ප්‍රකාශය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා දැක්වූ ප්‍රතිචාරයයි. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා.