ගෑස් හිගයක් සම්බන්ධයෙන් අනවශ්ය බියක් ඇති කර නොගන්නා ලෙස රජය ජනතාවට දැනුම් දෙනවා.
අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ප්රමාණවත් ගෑස් තොග රටට ගෙන ඒමට කටයුතු කර ඇති බවයි.
"ඒ ගැන කිසිම කලබලයක් ඇති කරගත යුතු නැහැ. මේ වන විටත් මෙට්රික් ගෑස් මේ LPG මෙට්රික් ටොන් 3900 ක් රැගත් නැවක්, මාලදිවයිනේ සිට කොළඹ වරායට ළඟා වෙලා තිබෙනවා. සාමාන්යයෙන් දවල් 12.30 ට මේ නැව කොළඹ වරායට ළඟා විය යුතුව තිබුණා. ඒ අනුව මේක ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කරනවා. අපිට පුළුවන්කම ලැබේවි ඒ අනුව ගෑස් බෙදාහැරීමේ කටයුතු සිදු කරන්න. ඒ නිසා කවුරුත් මේකට කලබල වෙන්න අවශ්ය නැහැ. වැඩිපුර මිලදී ගැනීම කියන එක අවශ්යතාවයක් එන්නේ නැහැ. සාමාන්ය ක්රමයට ඔබ කටයුතු කරගෙන යන්න. මෙට්රික් ටොන් 3000 ක... 3900 ක නැවක් දැනටත් ඇවිල්ලා ගොඩබාමින් පවතිනවා."
මේ අතර, 2027 වසර සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ද්රව පෙට්රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්රාත්තුව OQ Trading Limited සමාගම වෙත පිරිනැමීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, 2027 ජනවාරි 1 වැනිදා සිට මාස 12ක කාලයක් සඳහා LPG මෙට්රික් ටොන් 420,000ක්, සියයට 20ක වැඩිවීමේ හෝ අඩුවීමේ හැකියාවක් සහිතව සැපයීමට නියමිතයි.
එහිදී අවම වශයෙන් මෙට්රික් ටොන් 336,000ක සැපයුමක් සහතික කර තිබෙනවා.




