මගී ප්‍රවාහනය සිදුකරන සියලුම රියදුරන් “පොදු ප්‍රවාහන බලපත්‍රය“ ලබාගැනීම අනිවාර්ය වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ඔහු පැවසුවේ සිය පොදු ප්‍රවාහන බලපත්‍රය දෙසැම්බර් 31 වනදාට පෙර ලබා ගත යුතු බවයි.

මෙහිදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවල පවතින ප්‍රශ්න සම්බන්ධයෙන්ද මෙහිදී අමාත්‍යවරයා පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන්ගෙන් විමසනු ලැබුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අම්පාර ප්‍රදේශයේ පැවැති රැස්වීමකට එක්වෙමින්.