Published
අහුංගල්ල, වැලිකන්ද ප්රදේශයේ ඊයේ රාත්රී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදි එලෙස වෙඩි ප්රහාරයට ලක්ව ඇති බවයි.
වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත්තේ පා ගමනින් පැමිණි පුද්ගලයෙකු බවටයි පොලිස් විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ.
වෙඩි ප්රහාරයට ලක් වූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 34 ක් වු පුද්ගලයෙක්.
ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී නමැතැත්ගේ සහෝදරයෙකු බවට ද වාර්තා වුණා.
වෙඩි තැබීම සිදුකළ සැකකරු සොයා අහුංගල්ල පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.




