“2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දෙවන දිනටත් අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ක්‍රියාත්මක වනවා.
එම පොත් ප්‍රදර්ශනය ලබන ඔක්තෝම්බර් මස 06 වනදා දක්වා පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 තෙක් පැවැත්වෙනවා.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා අද උදෑසන සිට විශාල පාඨකයින් පිරිසක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත පැමිණෙමින් සිටිනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ ජාත්‍යන්තතර පොත් ප්‍රදර්ශන කමිටුවේ සභාපති සමන්ත ඉන්දීවර මහතා.
පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ නෙත් එෆ් එම් විශේෂ කුටියක් මෙවර ද ස්ථාපිත කර තිබෙනවා.
ආර්ථික අපහසුතා ඇති පාසල් දරු දැරියන් වෙනුවෙන් නොමිලේ පොත් ප්‍රදානය කිරීම සඳහා ඇරඹි “පොත් කැටය” නෙත් එෆ් එම් සමාජ සත්කාරක වැඩසටහන මෙවර ද ක්‍රියාත්මකයි.
ඒ අනුව පොත් මිලදී ගන්නා ඔබට ද ආර්ථික අපහසුතා ඇති පාසල් දරු දැරියන් වෙනුවෙන් පොත් කැටය වෙත පොත් පරිත්‍යාග කිරීමට අවස්ථාව පවතිනවා.
2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල ගුවන්විදුලි මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.




