සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට කියන පියුම් හස්තික නොහොත් “පියුමා” නමැත්තා ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

මෙම නඩුව ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර සූම් තාක්ෂණය ඔස්සේ ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.

කුඩු සලිදු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතයෙකු බව කියන මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම් ඇතුළු චෝදනා සම්බන්ධයෙන් විමර්ශනවලට භාජනය වී සිටි තැනැත්තෙකු බවයි පොලිසිය පැවසුවේ.