වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් පිරිසක් විසින් තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුකල වැටලීමකදීයි.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම සහ මිරිස්ස ප්‍රදේශවල පදිංචි සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නෙකු සහ ධීවර කටයුතුවල යෙදෙන්නෙකු බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනය සඳහා වෙඩික්කරුවන් වෙත ගිනි අවිය සැපයීමට ආධාර අනුබලදීම, කුමන්ත්‍රණය කිරීම සහ වෙඩික්කරුවන් හට පලායාමට ප්‍රවාහන පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් අදාල සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මස 22 වනදා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සිය නිල කාමරය තුළදී වෙඩි තබා ඝාතනය කෙරුණා.