ලබන වසරට කල් දැමූ 06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවත' ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා, ආණ්ඩුව එම ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමීමට විරෝධය දක්වමින්' නාවලපිටිය ප්‍රදේශයේ සිංහල සහ දෙමළ පාසල්වල 06 වසර සිසුන්ගේ දෙමාපියන් පිරිසක් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය වෙත අද දින (19) සංදේශයක් භාරදී තිබෙනවා.
ඒ, ජාතික ජන බලවේගයේ නාවලපිටියමහජන සම්බන්ධතා කාර්යාලයේදියි.
එම සංදේශය භාර ගත් මන්ත්‍රීවරිය කියා සිටියේ සංදේශය අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය මෙනවිය වෙත භාරදෙන බවයි.

මෙම මොඩියුල පිළිබඳ නාවලපිටිය ප්‍රදේශයේ ජනතාව තුළ විරෝධයක් නොමැති බවත්, කිසියම් දේශපාලනික අරමුණක් මත සිදු වී ඇති සුළු අඩුපාඩු නිවැරදි කරන බව ප්‍රකාශ කර තිබියදීත්, මෙසේ ඇතැම් පිරිස් විරෝධය දක්වන බවද මන්ත්‍රීවරිය එහිදි පැවසුවා.

මෙම ප්‍රතිසංස්කරණ ආරම්භයේ සිටම ආණ්ඩුවට නොදැනුවත්ව යම් වරදක් සිදුවි ඇති බවත්, එය අග්‍රාමාත්‍යවරයි පිළිගත් බවත්, එය ඉවත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියදී එය හකුලා ගන්නා ලෙස බල කරමින් දරුවන්ට එහි ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව විපක්ෂය විසින් අහිමි කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවේ.