Published
නීතිීිඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ විහාරාධිපති හිමිනමක් මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කරන ලෙස නොච්චියාගම මහේස්ත්රාත් නෙළුම් ප්රියදර්ශනී මෙනවිය නියෝග කළා.
සැකකාර හිමිනම විසින් නොච්චියාගම මහේස්ත්රාත් අධිකරණය ආසන්නයේ පිහිටි නීතිඥවරියට අයත් නීතිඥ කාර්යාලයකට බලහත්කාරයෙන් ඇතුල් වී සිය සහෝදරයාට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවක පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී නොසිටින ලෙසට සහ අදාළ නඩුව ඉවත් කර ගන්නා ලෙසට තර්ජනය කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
එලෙස රක්ෂිත බන්ධනාගරගත කර ඇත්තේ එප්පාවල ප්රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක්.
නීතිඥ දමයන්ති හේරත් මහත්මිය ඇතුළු සිව්දෙනෙකු මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටිනවා.