ගැටළු කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අද උදෑසන 08 සිට තාවකාලිකව අත්හිටුවන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා.

සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීම ඇතුළු සේවාවට අදාළව පවතින ගැටළු කිහිපයක් පදනම් කරගනිමින් එම වෘත්තීයවේදීන් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කළා.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ උප ලේකම් ලෙසන්ත චතුරංග මහතා පැවසුවේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් අද උදෑසන 08 සිට වෛද්‍ය රසායනාගාර සේවාවන්ද යථාතත්වයට පත් කරන බවයි.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ තවත් සංගම් 04ක් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට ඊයේ උදෑසන කටයුතු කළා.