බලයට පැමිණීමට පෙර පාසල් උපකරණ, සෞඛ්‍ය සහ අත්‍යවශ්‍ය ආහාරවලට වැට් බද්ද ඉවත් කරන බව ප්‍රකාශ කළද, මේ වන තෙක් එය ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් වන ඩී.වී. චානක සහ චානක මාදුගොඩ මහත්වරුන් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
ආණ්ඩුව බලයට පත්වී ගත වූ වසර දෙක හමාරක කාලය තුළ ජීවන වියදම පාලනය කිරීමට හෝ පාසල් දරුවන්ගේ අධ්‍යාපන වියදම් අවම කිරීමට කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැති බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
උද්ධමනය 8% ඉක්මවා ගොස් ඇති අතර, මෙම මාසයේදී ද එය වැඩිවන බව ඔහු කියා සිටියා.
ජනාධිපතිවරයා තම කාල සීමාව තුළ නව බදු වැඩි නොකළ බව පැවසුවද, පොරොන්දු කඩ කරමින් ජනතාවගේ ගිණුම්වලට, පොලියට මෙන්ම වාහනවලට ද බදු පැනවූ බව මන්ත්‍රීවරයා සඳහන් කළා.
විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්රය නංවන බව පැවසුවද, කිසිදු රාජ්‍ය ආධාරයකින් තොරව අමාරුවෙන් ජීවත් වන එම ක්ෂේත්රවල නියැලෙන්නන්ට ද මේ වන විට වැට් බද්ද පැනවීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කරනවා.



