පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන මෙම වසරේ දී ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි වී ඇති ඛී – 1732/2022 සහතිකය ලද වෙළඳ ආයතන 04ක් මඟින් පමණක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එම ආයතනවල නියෝජිතයින් පාසල් වෙත පැමිණ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා පැකට් ලබාදීම සිදු කරන බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ලියාපදිංචි වී ඇති එම ආයතන 04 හැර වෙනත් කිසිදු ආයතනයකින් සනීපාරක්ෂක තුවා මිලදී ගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.