වැසි තත්ත්වය ඉදිරියේදී පහව යාමත් සමග ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ පවතින කාලගුණ තත්ත්වයත් සමග මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින් එව පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ මෙන්ම මහජනතාවද මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට දැඩි අවදානයක් යොමු කළ යුතු බවයි.

චිකන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් නිශ්චිත දත්ත නොමැති බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.