යුද හමුදාව සහ වනජීවි නිලධාරීන් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමේදි අග්බෝ හස්ථියා නිරුපද්‍රිතව සොයාගෙන තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය සදහන් කළේ අග්බෝ හස්ථියා නාච්චාදූව වැව් රක්ෂිතයේ සිටියදි සොයා ගෙන ඇති බවයි.

එම ප්‍රදේශය භාර වනජීවී අඩවි සහකාර බුද්ධික මහතා විසින් ද එය තහවුරු කර තිබෙනවා.

සොයා ගන්නා අවස්ථාව වන විටත් අග්බෝ හස්ථියා ඉතා නිරෝගී සුවයෙන් සහ යහපත් ශාරීරික තත්ත්වයෙන් පසු වූ බවද එම නිලධාරියා වැඩිදුරටත් තහවුරු කර තිබෙනවා.

අතුරුදන්ව සිටි අග්බෝ හස්ථියා සොයා අද මෙහෙයුම් ක්‍රියාත්මක වූයේ දෙවන දිනටයි.

එම හස්ථියා වෙඩි වැදී තුවාල ලබා සිටින බවට දින කිහිපයක සිට රාවයක් පැතිර ගියා.

එය ද සැලකිල්ලට ගනිමින් යුද හමුදා නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසු නිලයන් 56 දෙනෙකු ඇතුළුව 65 දෙනෙකුගෙන් යුත් යුද හමුදා කණ්ඩායමක් මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 10 දෙනෙකු එම ඒකාබද්ධ මෙහෙයුම සිදුකළා.