ඇමෙරිකාව සංවේදී වෙයි – ඉරානයේ විවාහ උත්සවයකට එල්ල වූ ප්‍රහාරය ගැන විශේෂ පරීක්ෂණයක්
ඇමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් පැවතියද දෙපාර්ශවය අතර මහා පරිමාණ හමුදා මෙහෙයුම් දැනට ක්‍රියාත්මක නොවන බව ඇමෙරිකානු උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් පවසනවා.
කෙසේවෙතත් ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කුවේටයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා.
ඉරානයේ මෙම ක්‍රියාව තම රටේ ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව පවසමින් කුවේටය ඊට දැඩි විරෝධය පළ කර සිටිනවා.
මේ අතර, දකුණු ලෙබනනයේදී අත්අඩංගුවට ගත් ලෙබනන ජාතිකයන් පස්දෙනෙකු නිදහස් කිරීමට පියවර ගත් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය තහවුරු කර තිබෙනවා.
මේ අතර, ඉරානයේ කුහෙස්ටැක් හි පැවැති විවාහ උත්සවයකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.



