චීනයේ රාජ්‍ය සෞඛ්‍ය ආයතන මුහුණ දී සිටින දැඩි මූල්‍ය අර්බුදය හමුවේ ප්‍රදේශ රැසක රෝහල් සේවකයන්ගේ මූලික වැටුප් සහ කාර්යසාධන දීමනා කප්පාදුවට ලක්ව ඇති බව වාර්තා වේ.
විදෙස් වාර්තා අනුව, ඇතැම් සෞඛ්‍ය සේවකයන්ගේ මාසික මූලික වැටුප යුවාන් 2,000 ට වඩා අඩු වී ඇති අතර ඇතැම් රෝහල් මාස ගණනාවකින් වැටුප් ගෙවීම් පවා පැහැර හැර තිබේ.
පළිගැනීම්වලට ලක්වීමේ බිය නිසා මෙම තත්ත්වය පිළිබඳ තොරතුරු දන්නා පුද්ගලයන් අනන්‍යතාව හෙළි නොවන ලෙස අදහස් දක්වා ඇති බව ද එම වාර්තාවල සඳහන් වේ.
හැංජෝ ප්‍රදේශයේ රාජ්‍ය රෝහලක සේවය කරන 'චියෑන්' නැමැති සේවකයෙකු ප්‍රකාශ කර ඇත්තේ, අගෝස්තු මාසයේදී දේශීය රෝහලක හෙදියන්ගේ මාසික මූලික වැටුප යුවාන් 2,750 සිට යුවාන් 2,200 දක්වා සියයට 20 කින් කපා හැර ඇති බවයි.
එසේම ජියැංසු ප්‍රදේශයේ සුෂෝ නගරයේ පදිංචි 'ලියු' නැමැත්තෙකු පවසා ඇත්තේ, කොවිඩ්-19 වසංගතයට පෙර යුවාන් 3,700 ක් පමණ වූ සිය පවුලේ හෙද සේවිකාවකගේ මාසික මූලික වැටුප යුවාන් 1,700 දක්වා පහත වැටී ඇති බවයි. ඊට අමතරව අදාළ රෝහල විසින් අතිරේක දීමනා ගෙවීම ද සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත.
මීට අමතරව, හෙයිලොංජියෑං ප්‍රදේශයේ සුයිහුවා මහ රෝහලේ සෞඛ්‍ය සේවකයන් 2025 නොවැම්බර් මාසයේදී නොගෙවූ වැටුප් ඉල්ලා විරෝධතාවල නිරත වූ බව ද වාර්තා වේ. එම රෝහලේ හදිසි අංශයේ දුරකථනයට පිළිතුරු දුන් සේවකයෙකු සඳහන් කර ඇත්තේ සේවකයන්ට මාස පහක් හෝ හයක් තිස්සේ වැටුප් ලැබී නොමැති බවයි. එසේ වුවද, හිඟ වැටුප් සහ සාමාජික සුබසාධන දීමනා ලබා ගැනීමේ අරමුණින් සේවකයන් තවදුරටත් සේවයේ නිරත වෙමින් සිටින බව පැවසේ.




