Published
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වනවා.
එම කොමිසමේ කැදවීමකට අනුව ප්‍රකාශයක් ලබාදිම සදහා නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම වෙත පැමිණියේ අද පෙරවරු 9.20 ට පමණයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි වී චානක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, ප්‍රසන්න රණවීර සහ පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන් පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියා.
අල්ලස් කොමිසම වෙත ඇතුළුවීමට පෙර එම ස්ථානයේ රැදි සිටි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවිර මහතා ද එහිදි මාධ්‍ය වෙත අදහස් පළ කළා.
තවත් කිහිප දෙනෙකු එහිදී අදහස් පළ කළා.



