අල්ලස් කොමිසම විසින් දූෂණය නැමැති වරද යටතේ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය නොවැම්බර් මස 10 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද නිවේදනය කළා.
ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මූලික විරෝධතා මතු කරමින් මෙම නඩුව විභාග කිරීමට මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කළා.
ඒ අනුව අදාළ චෝදනා නිෂ්ප්‍රභ කර විත්තිකරුවන් මුදා හරින ලෙසත් විත්තියේ නීතිඥවරුන් සිය මූලික විරෝධතාවලින් කරුණු දක්වා තිබුණා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා ප්‍රකාශ කළේ විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය නොවැම්බර් මස 10 වනදා ප්‍රකාශයට පත්කරන බව බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තියේ හතරවන වසර සැමරීම වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් 11 ක අතිරේක පළ කිරීම තුළින් රජයට 1,748,877.76 මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.




