Published
2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය අදයි. අද දිනයේත් රාත්‍රී 09.00 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙනවා. අද දිනට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ප්‍රදර්ශන භූමියේ සංවිධාන කර තිබුණා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ද ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණීම අද දිනයේ සිදු වූ තවත් විශේෂිත සිදුවීමක්. අග්‍රාමාත්‍යවරිය ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර ඇති නෙත් කුටිය වෙත ද පැමිණි අතර එහිදී ඇය නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.
අද පස්වරුව වන විට විශාල පිරිසක් ප්‍රදර්ශනය නැරඹීම සඳහා එක්ව සිටියා. ඒ පිළිබඳ තොරතුරු නෙත් විශේෂ නියෝජිත ජයන්ත ප්‍රේමලාල්ගෙන්.