අලුත් අවුරුද්දේදීවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තමන්ගේ ගෞරවය බේරා ගනීද? ඒකට ලැබෙන පළමු සහ හොඳම අවස්ථාව අද.

පකිස්ථානය සමග පැවැත්වෙන දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද රාත්‍රී 07.00ට පැවැත්වෙන්නේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

මේ අවුරුද්දේ පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව, පකිස්ථානයට පරාජය වුණා.

ඒ අනුව අද තරඟය ද පරාජය වුණොත් එය තවත් එක් තරගයක පරාජයක් පමණක් නොව තරගාවලියක පරාජය ද වනු ඇති.

එසේ වුවහොත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් මෙම වසරේදී පරාජයට පත්ව පළමු ජාත්‍යන්තර තරගාවලිය ද වනු ඇති.

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ඇතුළත් වන්නේ තරග තුනක් පමණයි.