Published
වප් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කළ නෙත් ශ්වේත පූජා වැඩසටහන අද දවස පුරා ගම්පහ මිරිස්වත්ත හෙට්ටියදෙණිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේදී පැවැත්වෙනවා.
පිංකම් මාලාව ආරම්භ වූයේ අද උදෑසන 06ටයි.
මෙම පිංකම් මාලාව “නේත්‍රාලෝක” යූ ටියුබ් චැනලය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
නෙත් ශ්වේත පූජා වැඩසටහන පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා ගම්පහ මිරිස්වත්ත හෙට්ටියදෙණිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.



