කඳුකර ප්‍රදේශවල සිදුවන රිය අනතුරු වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.
එහි සභාපති මංජුල කුලරත්න මහතා පැවසුවේ එම ප්‍රදේශවල රථවාහන ධාවනය කරන රියදුරන් දැනුවත් කිරීමද ඒ යටතේ සිදු කරන බවයි.
එම ප්‍රදේශවල රථවාහන ධාවනය කිරීමේදී රියදුරන් අවධානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් ඔහු කරුණු දැක්වුවා.
*
කඳුකර ප්‍රදේශවල ධාවනය කෙරෙන රථවාහන පරික්‍ෂා කිරීම් වැඩි කිරීමටද ඉදිරියේදී කටයුතු කරන බවයි මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ.
කඳුකර ප්‍රදේශවල සිදුවන රිය අනතුරු සම්බන්ධයෙන් වැඩි කතාබහක් මතුවුණේ පසුගියදා ඇල්ල ප්‍රදේශයේදී විනෝද චාරිකාවක් පැමිණි බස් රථයක් අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළීමත් සමගයි.
එහිදී පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් තවත් පිරිසක් තුවාල ලැබුවා.
තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමග විනෝද චාරිකාවක නිරත වූ බස් රථයක් එලෙස අනතුරට ලක් වුණා.



