Published
ඉකුත් ඔක්තෝබර් මස 14 වනදා දකුණුදිග මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් සොයාගත් එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබූ පාර්සලයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839ක් තිබූ බව නාවික හමුදාව පවසනවා.
ඒ අතරට හෙරොයින්, අයිස් සහ හෑෂ් යන මත්ද්‍රව්‍ය ඇතුලත්. එම මත්ද්‍රව්‍ය, උර 51ක බහා තිබූ බවයි නාවික හමුදාව පැවසුවේ.
ඒවා මේ වන විට තංගල්ල ධිවර වරායට රැගෙනවිත් තිබෙනවා.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 670යි ග්‍රෑම් 676ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 156යි ග්‍රෑම් 542ක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12යි ග්‍රෑම් 36ක් සොයා ගැනුනා.
මෙම මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.