ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන සෝබනාහන්දි සනත් ද සිල්වා නොහොත්  " SF රාජු " නැමැත්තා ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

මෙරට විශේෂ පොලිස් කණ්ඩායාමක් ඉන්දියාවට ගොස් ඔහු දිවයිනට රැගෙන ආ බවයි කටුනායක ගුවන්තොටුපොල නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

" SF රාජු " නමැත්තා මීටියාගොඩ , කරන්දෙණිය , ඇල්පිටිය සහ බලපිටිය පොලිස් බල ප්‍රදේශ තුළ මිනීමැරුම් , මනුෂ්‍ය ඝාතන සදහා තැත් කිරීම සහ ඒ සදහා ආධාර අනුබල ලබා දීම ඇතුළු තවත් චෝදනා රැසකට එම ප්‍රදේශවල අධිකරණ සදහා අවශ්‍ය පුද්ගලයෙකු වනවා.

ඔහුට එරෙහිව මේ වනවිට විවෘත වරෙන්තු 16 ක්, ගුවන් ගමන් තහනම් 24 ක් මෙන්ම ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදන ද ලැබූවෙක් වනවා.

ඔහු ඉන්දියාව වෙත පළා ගොස් නවදිල්ලි නුවර රැදී සිටියදී , එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.