Published
කල් දැමූ එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනය සැප්තැම්බර් 20 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා ගාල්ලේ පැවති රැස්වීමකට එක්වෙමින් අනතුරුව පැවසුවේ සිය පක්ෂ සම්මේලනයට සහභාගී වන ලෙසට මෙරට සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර ඇති බවයි. 2022 වසරේ පැවති අරගලයේදී සිදුවීමට ගිය මහා විනාශයක් නතර කිරීමට කළ මැදිහත්වීමට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ජාතියේ ගෞරවය හිමි විය යුතු බවද ඔහු එහිදි කියා සිටියා.
විවිධ ප්රදේශවල සිදුවන වෙඩිතැබිම් සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා අදහස් පළ කළා.