Published
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාට ජීවිත තර්ජන එල්ල වී ඇතැයි පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයෙන් ලද බුද්ධි තොරතුරක් මත මෙම පරීක්ෂණ ආරම්භ කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.




