Published
78 වන ජාතික නිදහස් දිනය අදයි.
ඒ වෙනුවෙන් සංවිධාන කෙරුණු ප්‍රධාන රාජ්‍ය උත්සවය අද පෙරවරුවේ පැවැත්වෙන්නේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදීයී.
මෙවර ද නිදහස් උළෙල අඩු වියදමන් චාම් අයුරින් සිදුකරන බවයි රාජ්‍ය පාරිපාලන අමාත්‍යංශයේ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා පැවසුවේ.
ජාතික නිදහස් දින ප්‍රධාන උත්සවය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි. මේ, ඒ පිළිබද අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා.
ජාතික නිදහස් දින ප්‍රධාන උත්සවය වෙනුවෙන් පොලිස් නිළධාරීන් 2,000ක් පමණ ආරක්ෂාවට යොදා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා වැඩිදුරටත් සදහන් කලා.




