මෙරටට පැමිණෙන ඊශ්‍රායල් ජාතිකයින් වෙනුවෙන් ඉදිකර ඇති ආගමික මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා සහ ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා.

ඇතැම් මධ්‍යස්ථානවල ලියාපදිංචිය පවා අතිශය සංකීර්ණ වී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

මේ අතර මෙරට පොල් ඵලදාව අඩුවීමට බලපෑ හේතු සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ 2023 වසරට සාපේක්ෂව 2024 සහ මේ වසරේදී පොල් ඵලදාවේ අඩුවීමක් ඇති බවයි.

පොල් ඵලදාව අඩුවීමට බලපෑ හේතු කිහිපයක් මේ වන විට අනාවරණය කරගෙන ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

කෙසේවෙතත් 2030 වසර වන විට පොල් අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1,500ක් ඉපැයීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ.

 

 

 

පාර්ලිමේන්තුවේ තවත් තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශයන්ගෙන් බලාපොරොත්තු වන්න.