2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ක්‍රියාත්මක එම පොත් ප්‍රදර්ශනය ලබන ඔක්තෝම්බර් මස 06 වනදා දක්වා පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 තෙක් පැවැත්වෙනවා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පළමු දිනය වූ ඊයේ දිනයේ ලක්ෂකයට අධික පිරිසක් පැමිණි බවයි කොළඹ ජාත්‍යන්තතර පොත් ප්‍රදර්ශන කමිටුවේ සභාපති සමන්ත ඉන්දීවර මහතා පැවසුවේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණි බොහෝ පිරිසක් එහි ස්ථාපිත නෙත් එෆ් එම් විශේෂ කුටියට පැමිණ පොත් කැටයට පරිත්‍යාග කිරීමටද අමතක කළේ නැහැ.

ඔවුන්ගෙන් කිහිප දෙනෙකු එම වැඩසටහන සහ නෙත් එෆ් එෆ් රේඩියෝව පිළිබද මෙලෙස අදහස් පළ කළා.

2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල ගුවන්විදුලි මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

මේ අතර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී තවත් විවිධ වැඩසටහන් පැවැත්වෙනවා.

ඒ අනුව සාහිත්‍ය ශූරී කේ. ජයතිලක මහතාගේ 14 වන ගුණ සමරුව එහිදී පැවැත්වෙනවා.

ඒ, පෙරවරු 09.00 සිට පෙරවරු 11.00 දක්වායි.

කොළඹ මහජන පුස්තකාලයීය ලේඛක පාඨක සංසදය සහ කේ. ජයතිලක සමරු පදනම එම ගුණ සමරුව සංවිධාන කර තිබෙනවා.