ප්‍රකාශයක් ලබාදීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා තලංගම පොලිස් ස්ථානය වෙත පැමිණ තිබෙනවා.

ඒ, පොලිසිය විසින් ඔහුට මීට පෙර කරන ලද දැනුම් දීමක් මතයි.

රණවිරු සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතුවලට බාධා කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට විමල් වීරවංශ මහතා එලෙස පොලිසිය වෙත කැදවා තිබෙනවා.

මේ වනවිටත් පොලිසිය විසින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.