Published
මව්බිමේ සහ ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වැදුනු සියළුදෙනා ජනතා හදවත් තුල වීරත්වයේ ඉහලම තැනක රැදී පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
78 වන ජාතික නිදහස් දින උළෙලේදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
රට යළි ගොඩ නැගීම සඳහා සෑම අතින්ම පරිපූර්ණවූ මානව සම්පතක් ගොඩනැගීම අවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
නව මිනිසෙකු ගොගොඩනැගීම සදහා අධ්‍යාපන කේෂේත්රයේ පරිවර්තනීය වෙනසක් සිදු කල යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කලා.





