Published
වාද්දුව, පොතුපිටිය ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ යතුරුපැදි දෙකක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී එම අනතුර සිදුව ඇති බවයි.
එහිදි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොතුපිටිය ප්රදේශයේ පදිංචි එක් යතුරු පැදියක ගමන් ගත් තරුණයෙක්.
අනතුරෙන් පාසල් සිසුවියක්ද බරපතළ තුවාල ලබා තිබෙනවා.
අනෙක් යතුරු පැදියේ සහ මෝටර් රථයේ රියදුරන් අත්අඩංගුවට ගත් බවයි වාද්දුව පොලීසිය පැවසුවේ.




