Published
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළද සැලක් සහ නිවසක් මතට පස් කන්දක් සමග ගලක් කඩා වැටී සිදුවූ අනතුරෙන් මිය ගිය පුද්ගලයන් ගණන හයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එහි සිරවි සිටි තවත් පුද්ගලයන් සිව් දෙනෙකු මුදාගෙන මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි එම ස්ථානයේ රැදී සිටින නෙත් නිවුස් වාර්තාකරු සමන් විජය බණ්ඩාර පැවසුවේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජේ්‍යෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ එම ස්ථානය ආශ්රිත ප්‍රදේශය අනතුරුදායක තත්ත්වයක පවතින බවයි.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.




