හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වසරකින් කල් දැමුණද ඒ සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා.

ඒ, එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙම වසරේදීම ආරම්භ කරන ලෙසට ඇතැම් පාර්ශව සිදු කරන ඉල්ලිම් හමුවේයි.

ඒ අනුව අද පෙරවරුවේද පිරිසක් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණ නිහඬ විරෝධතාවක් ආරම්භ කළා.

හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වසරකින් කල් දැමීම උචිතද? ඉන් එම දරුවන්ගේ අනාගත අධ්‍යාපන කටයුතුවලට බලපෑමක් වනවාද? මේ, ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසාබැලීමක්.